Search

Summer හීදී ඡායාරූප ගැනීමට සුන්දරම නගර අතරට මෙල්බනුත්

මෙවර ග්‍රීෂ්ම (Summer) සෘතුවේ දී ඡායාරූප ගැනීම සදහා ලොව සුන්දරම ගමනාන්ත 10 අතරට ඔස්ට්‍රේලියාවේ නගර තුනක් ඇතුලත් ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙල්බන් අභිබවමින් සිඩ්නි නගරය එහිදී ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

Travelbag විසින් සිදු කර තිබෙන මෙම ශ්‍රේණිගත කිරීම සදහා Instagram Hashtags සහ Google Trends දත්ත පදනම් කරගෙන තිබෙනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත සිව් වන ස්ථානය හිමිව තිබෙන අතර මෙල්බන් වෙත හිමිව ඇත්තේ එහි හය වන ස්ථානයයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රධාන නගරයක් වන පර්ත් වෙත මෙහි නව වන ස්ථානය හිමි ව තිබීම ද විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ග්‍රීෂ්ම (Summer) සෘතුවේ දී ඡායාරූප ගැනීම සදහා ලොව සුන්දරම ගමනාන්තය බවට පත්ව ඇත්තේ අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයයි.

ඩුබායි සහ චිකාගෝ වෙත මෙම ශ්‍රේණිගත කිරීමේ දී පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිව තිබෙන බවයි දැක්වෙන්නේ.

මෙම ගමනාන්ත ලැයිස්තුවේ පස් වන ස්ථානය සියැටල් වෙත හිමිව තිබෙද්දී කැනඩාවේ ටොරොන්ටෝ වෙත ලැබී ඇත්තේ මෙහි හත් වන ස්ථානයයි.

ශ්‍රේණිගත කිරීමේ දී අමෙරිකාවේ මයෑමි නගරයට වෙත අට වන ස්ථානයත් කැනඩාවේ වැන්කුවර් වෙත දස වන ස්ථානයත් හිමි වී තිබෙන බවයි මෙහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »