ඉහළ යන ජීවන වියදම් සැලකිල්ලට ගනිමින් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් වෙත ජීවන විදයම් ආධාර දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මෙම දීමනාව 2025 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි දැක්වෙන්නේ.
මේ හරහා ප්‍රාන්තයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත මාසිකව ඩොලර් 255.60 ක දීමනාවක් හිමි වීමට නියමිතයි.
මෙම දීමනාව සදහා ප්‍රාන්තයේ ජීවත් වන විශ්‍රාමිකයන් , Centrelink දීමනා හිමියන් සහ අඩු ආදායම් ලාභීන් පමණක් සුදුසුකම් ලබන බවයි සදහන් වන්නේ.
මේ සදහා අයදුම්පත් යොමු කළ යුතු අවසාන දිනය ලෙස අද (31) දිනයයි.
sa.gov.au වෙබ් අඩවියට පිවිසීම හරහා මේ සදහා අයදුම් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අඩු ආදායම් ලාභීන්ට අවකාශය හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.