මෙල්බන් හි අද (30)සවස 6 සිට හෙට (ජනවාරි පළමුවනදා) උදෑසන 6 දක්වා පොදු ප්‍රවාහන සේවා කොන්දේසි විරහිතව නොමිලේ ලබා දෙන බව මෙල්බන් හි නගරාධිපති Nicholas Reece නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පැය 12ක කාලසීමාවක් තුළ මෙල්බන් හි සියලු පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනුයේ නොමිලේ බවයි දැනුම් දී ඇත්තේ.
නව වසර උදාව සැමරීම සදහා බොහෝ දෙනෙක් මෙල්බන් නගරය කරා පැමිණෙන අතර ඔවුන්ට පහසු සේවයක් ලබා දීම මෙහි අරමුණයි.
අද රාත්‍රියේ මෙල්බන් හි නව වසර උදාව සැමරීම සදහා පුද්ගලයින් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ඒ අනුව අද මෙල්බන් වෙත පැමිණ විනෝද වන්නන්ට ආරක්ෂිත නගරයක අත්දැකීම ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රජා ආරක්ෂණ අමාත්‍ය Anthony Carbines සදහන් කළේ.
විශේෂයෙන් මධ්‍යම රාත්‍රියේ ගිනිකෙළි සහ ලේසර් සංදර්ශන රැසක් මෙල්බන්හි සංවිදාන කර ඇති අතර ඉන් පළමු තැනට නම් කර ඇත්තේ Docklands කලාපයයි.
එහි අද 6 සිට ජනවාරි හෙට අලුයම 1 දක්වා විවිධ උත්සව සංවිධානය කර තිබෙනවා.
මධ්‍යම රාත්‍රී 12ට නව අවුරුදු උදාවත් ආරම්භයේ සිය විනාඩි 8ක් වැනි කාලසීමාව තුළ එහි ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙන අතර එම සංදර්ශන නරඹා නැවත නිවාස වෙත යෑමට නොමිලේ ප්‍රවාහන සේවා අවස්ථාව ඔබට හිමිවනු ඇති.