Search

නව වසර උදාව මෙල්බන් සිට සජීවීව සමරන්නන්ට විශේෂ දැනුම් දීම් කිහිපයක්

මෙල්බන් නගරයේ සිට නව වසර උදාව සැමරීමට අපේක්ෂා කරන්නන් වෙත  විශේෂ දැනුම් දීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ සදහා මෙවරත් මෙල්බන් නගරය පුරා “Celebration Zones” ස්ථාපිත කර තිබෙන බවයි දැක්වෙන්නේ.

එම “Celebration Zones” වල සිට මෙල්බන් වැසියන් ට නව වසර උදාව නොමිලයේ සැමරීමට අවකාශය හිමි වීම ද විශේෂත්වයක්.

නව වසර උදාව සැමරීම සදහා පැමිණෙන මෙල්බන් වැසියන්ට අවශ්‍ය ආහාර පාන අද (31) රාත්‍රියේ දී Celebration Zones අසල තිබෙන Food Trucks හරහා ලබාගත හැකියි.

නමුත් මෙහිදී මත්පැන් වර්ග අලෙවි කිරීම සිදු වන්නේ නැහැ.

අද දිනයේ මෙම කාලසීමාවේ දී මෙල්බන් හි පොදු ප්‍රවාහන සේවාවන් නොමිලයේ භාවිතා කිරීමට අවස්ථාව ලබා දී තිබීම ද කැපී පෙන්නවා.

කෙසේ වෙතත් ඇතැම් මාර්ග වසා දැමීමට නියමිත බැවින් එම මාර්ගවල ට්‍රෑම් රථ ධාවනය නොවීමට ඉඩ කඩ ඇති බවයි පැවසෙන්නේ.

අද (31) රාත්‍රිය පුරාවටම Flinders Street Station විවෘතව පවතින බවයි මෙහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »