ඔස්ට්‍රේලියාව තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවී ඇති මරණ පිළිබදව දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා ප්‍රවාහන අමාත්‍යංශය විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පමණ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම දත්ත වාර්තා හරහා පෙන්වා දී තිබෙනවා.
ගතවූ මාස 12 ක කාල සීමාව තුළ දී මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1,318 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි එම වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියානුවන් 100,000 කගෙන් 4.8% ක් ගෙවුණු මාස 12 ක කාල සීමාව තුළ මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2023 වර්ෂයේදී ද මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1258 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බවයි ඒ හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.