Search

ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය නවසීලන්තයට

නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 45 ක අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (30) සිදුවුණා.

Bay Oval හීදී අද (30) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 186 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 28 ට කඩුලු 02 ක් ද නුවන් තුෂාර ලකුණු 25 කට එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ලකුණු 187 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 19 පන්දු 01 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 141 පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 35 කදී ලකුණු 48 රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත ව්ස්සයි විස්ස තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ජනවාරි 02 වන දා ආරම්භ වීමට නියමිතයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »