කොවිඩ් නිසා වැටුණු ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තයට සුභ පණිවිඩයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

කොවිඩ් නිසා වැටුණු ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තයට සුභ පණිවිඩයක්

කොවිඩ් නිසා වැටුණු ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තයට සුභ පණිවිඩයක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවේ සිනමා කර්මාන්තය සඳහා දී තිබූ සහන තවත් මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.

සන්නිවේදන අමාත්‍ය Paul Fletcher පැවසුවේ ඩොලර් මිලියන 50 ක හදිසි ණය අරමුදල යටතේ වන සහන ද එහිදී දීර්ඝ කර ඇති බවයි.

එමෙන්ම මෙම කාලසීමාවේදී රූගත කර මෙතෙක් තිරගත කර නොමැති චිත්‍රපටවලින් අය කෙරෙන බදු ප්‍රමාණය කප්පාදු කිරීමේ තීරණයද ඒ යටතේ දීර්ඝ කෙරෙනු ඇති.

කොවිඩ් තත්වය ක්‍රම ක්‍රමයෙන් යහපත් අතට පත්වීමත් සමග විවෘත ප්‍රසංග සඳහා පණවා ඇති සීමා ලිහිල් කිරීමටද රජය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

COMMENTS