දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රියදුරෙකුට ඩොලර් 27,000 ක දඩ මුදලක් ගෙවීමට නියම වී තිබෙනවා.
මෙලෙස දඩුවමට යටත් වූ පුද්ගලයා අවස්ථා 41 ක දී පමණ සිය මෝටර් රථය ධාවනය කරමින් සිටිය දී ජංගම දුරකතනය භාවිතා කිරීමේ වරදට හසුවී තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව ගතවූ මාස 03 ක කාලසීමාව තුළ දී පමණක් ජංගම දුරකතන වැනි උපාංග භාවිතා කරමින් සිය මෝටර් රථය ධාවනය කරමින් සිටිය දී හසුවූ රියදුරන්ගේ සංඛ්‍යාව 28,000 කට වඩා වැඩි බවයි නවතම සංඛ්‍යා ලේඛන ඔස්සේ අනාවරණය වී ඇත්තේ.
වරදකරුගේ රියදුරු බලපත්‍රය ද මේ වනවිට අත්හිටුවා තිබෙන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෝටර් රථය ධාවනය කරමින් සිටින අතරතුර ජංගම දුරකතනය ඇතුලු උපාංග භාවිතා කරන රියදුරන් වැඩිම ප්‍රමාණයක් හදුනාගෙන ඇත්තේ Regency Park හි පිහිටි North – South Motorway කැමරාවෙන් වීම ද කැපී පෙනෙනවා.
එම රියදුරන්ගේ සංඛ්‍යාව 7000 ක් බවයි එහි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.