2001 වසරේ සිට මේ වන තෙක් මෙල්බන් හි ජනගහනය මිලියන 3.5 සිය මිලියන 5.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙල්බන්හි ජනාකීර්ණම කලාපය ලෙස නම් කර ඇත්තේ බටහිර මෙල්බන් කලාපයයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත වලට අනුවල 2001 සහ 2023 අතර මෙල්බර්න් හි බටහිර ප්‍රදේශය වඩාත් ජනාකීර්ණ ලෙසටයි නම් මර ඇත්තේ.
මේ අතර මෙල්බන් හි නැගෙනහිර සහ ගිනිකොන ප්‍රදේශ ද වඩාත් ජනාකීර්ණ වෙමින් පවතින බව සදහන්.
2011 සහ 2020 අතර කාලය සම්බන්ධයෙන්
වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වූ පීටර් ඩෝකින්ස් පවසන්නේ “මෙම කලාපය කෙතරම් විශාලද සහ එය කෙතරම් වේගයෙන් වර්ධනය වන්නේද යන්න මිනිසුන් තවමත් වටහාගෙන නොමැති බවයි”
මෙල්බන් හි ජනගහන වර්ධනය ඉදිරියේ දී තවත් තීව්ර වනු ඇති අතර ඉදිරි වසර 10 තුළ වික්ටෝරියා හි නිවාස 800000ක් ඉදිකිරීමට නියමිතයි.
මෙල්ටන් හි නිවාස සංඛ්‍යාව සියයට 190 කින් ද මාරිබිර්නොං සියයට 114 කින් ද, වින්ඩෑම් හි සියයට 110 කින් ද වර්ධනය වනු ඇති බව සදහන්.