දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වූ ඉන්දු – ඔස්ට්‍රේලියා Boxing Day ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (30) හිමි වුණා.
බොක්සිං දිනයේ දී MCG හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 474 ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 369 ක් පමණයි.
පළමු ඉනිමේ වාසියත් සමග පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 234 ක් රැස් කර ගැනීමට සමත්කම් දැක්වූවා.
ඒ අනුව තරගයේ අවසන් දිනයේදී ලකුණු 340 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 155 ක් පමණයි.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අද (30) දිනයේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.