අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභ්‍යාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100 ක්.
ටික කලක් රෝගාතුරව විසූ ඔහු සිය නිවසේදී මිය ගිය බව ජිමී කාටර් පදනම නිවේදනය කරනවා. ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් හිටපු අමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයායි.
ඔහු ඩිමොක්‍රටික් පාක්ෂය නියෝජනය කරමින් 1977 සිට 1981 දක්වා අමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළා. දේශපාලනයට පිවිසීමට පෙර රටකජු ගොවියකු වූ ඔහු අමෙරිකානු ඉතිහාසයේ වැඩි කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයායි.
කාටර්, පසුගිය ඔක්තෝබර් මාසයේදී 100 වැනි උපන්දිනය සැමරුවා. ඔහු, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහුගේ මානුෂීය මෙහෙවර අගයමින් 2002 වසරේදී නොබෙල් සාම ත්‍යාගයද පිරිනැමුණා.
ජිමී කාටර්, ජනාධිපති වීමට පෙර ජෝර්ජියාවේ ආණ්ඩුකාර, අමෙරිකානු නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙසද කටයුතු කළා. 2018 ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ අභාවයෙන් පසු, ඔහු වයස්ගතම එක්සත් ජනපද ජනාධිපතිවරයා වුණා.
ඔහුගේ පාලන කාලය තුළ අමෙරිකාව අර්බුධ රැසකට මුහුණ දුන් අතර ඇතැමුන් සඳහන් කළේ, ඔහු අසාර්ථක නායකයෙකු ලෙසයි.
ධවල මන්දිරයෙන් පිටව ගිය පසු, ඔහු දේශපාලනයට පෙර ඔහු ජීවත් වූ නිවසට පූර්ණ කාලීනව නැවත පැමිණි පළමු සහ එකම ජනාධිපතිවරයා බවට පත්විය.
කාටර් විශ්‍රාම යාමෙන් පසු ඔහුගේ නිවසේ නිදන කාමර දෙකක මිය යන තෙක්ම ජීවත් වීම විශේෂත්වයක්.