Search

දෙසැම්බර් මස ඔස්ට්‍රේලියානුවන්ගේ මරණ සංඛ්‍යාව ඉහළට

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ වෙරළ තීර සහ පිහිනුම් ස්ථානවල  මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

මෙම සති අන්තයේ පමණක් පුද්ගලයින් හය දෙනෙකු දියේ ගිලී මිය ගියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් මාසයේදී පමණක් පුද්ගලයින් 33 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර ජීවිතාරක්ෂකයින් සදහන් කර ඇත්තේ මෙම කාලය වඩාත් භයානක කාලයක් බවයි.

මේ දින වන දිගු සති අන්ත නිවාඩු සමග පුද්ගලයින් මුහුදු වෙරළ වෙත වැඩි ආකර්ෂණයක් දැක්වුවද එහි භයානක කම පිළිබද තැකීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

මියගිය වැඩි පිරිසක් අතුරින් දියේ ගිලී යන පුද්ගලයින් බේරාගැනීමට ගොස් මිය යන්නන් බවයි වාර්තා වන්නේ.

අවස්ථා අනුව ඉක්මනින් ක්‍රියා කිරීමට පෙර ඔබේ ජීවිත අවදානම පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසයි ජීවිතාරක්ෂක අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »