Search

400km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක් ධාවනයට එක්වෙයි

පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ධාවනය වන නවතම චීන CR450 බුලට් දුම්රියේ මූලාකෘතියක් අද බීජිංහිදී එළිදක්වා තිබෙනවා.

CR450 දුම් රිය පරීක්ෂණ වලදී පැයට කිලෝමීටර 450 ක වේගයෙන් ධාවනය කිරීමට හැකියාව ඇති අතර, මෙම නව දුම්රිය තාක්ෂණයේ චීනයේ අති නවීන දියුණුව ඉස්මතු කරන බවයි චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම පවසන්නේ.

දැනට සේවයේ යෙදී සිටින CR400 Fuxing අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ක්‍රියාත්මක වන අතර නව මාදිලිය පැයට කිලෝමීටර 400 ක වේගයෙන් ක්‍රියාත්මකවනු ඇති.

මෙම චීන දුම්රිය මූලාකෘතිය සඳහා රේඛීය පරීක්ෂණ මාලාවක් සංවිධානය කර ඇති අතර, ඉතා ඉක්මනින් මෙය භාවිතයට එක් කිරීමට අදහස් කරන බවයි චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගම සඳහන් කරන්නේ.

එමගින් ගමනාන්ත සඳහා ගත වන කාලය අඩු කර මගීන්ගේ ගමන් සඳහා වැඩි පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ඒමට ද අපේක්ෂා කෙරෙනවා.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »