බ්‍රිස්බන් නගර මධ්‍යයේදී 16 හැවිරිදි තරුණයෙකු ඝාතනය කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට

බ්‍රිස්බන් නගර මධ්‍යයේදී 16 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 08 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුයි.

මොවුන් 03 දෙනා අතර ඇතිවූ කිසියම් බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතන සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »