Search

දියණිය බේරා ගැනීමට ගිය ආසියාතික යුවළට සිදුවු දේ

බටහිර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙරළ තීරයේදී දියණිය බේරා ගැනීමට උත්සාහ කළ පර්ත් හි යුවළක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

නත්තල් නිවාඩු සති අන්තයේ පවුලේ අය සමග විනෝදවීමට මොවුන් Conspicuous Beach වෙත පැමිණ තිබුණා.

තම දියණිය රළ පහරට ගසා යන බව දුටු දෙමාපියන් දරුවා බේරා ගැනීම සදහා ඔවුන්ද දියට පැන ඇති බවයි වාර්තා වනේ.

මෙලෙස මියගොස් ඇත්තේ පර්ත් හි ජීවත්වන අඹුසැමි යුවලක් වන වෛද්‍ය මොහොමඩ් ස්වපන් සහ ඔහුගේ බිරිඳ සබ්‍රිනා අහමඩ් යන දෙදෙනායි.

දියනියන් දෙදෙනා සමග මියගිය යුවල නත්තල් නිවාඩුව ගත කළ අතර ඔවුන් පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබුණා.

ජලපහරට හසුවූ දියණිය බේරා ගැනීමට සමත්ව ඇති අතර දියණිය බේරා ගැනීමට ගිය මාපිය යුවලට දිවි අහිමි වූ බවයි වාර්තා වන්නේ.

මොවුන් බංගලාදේශ ජාතිකයින් වන බව සදහන්.