ලබන වසරේ පොලී අනුපාතිකය පහත වැටීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින් විවිධ මත පල කර තිබෙනවා.
ඒ අනුව ෆෙඩරල් සංචිත බැංකුව සදහන් කළේ දැනට පවතින පොලී අනුපාතිකය ලබන වසර මැද තෙක් බොහෝ දුරට ස්ථාවරව පවතින බවයි.
දැනට පවතින Cash Rate අගය ඒ අනුව තවදුරටත් 4.35ක සීමාවේ පවතිනු ඇති බවයි සදහන් කර ඇත්තේ.
පොලී අනුපාත ලිහිල් වීමට ආරම්භ වන්නේ කවදාදැයි නිශ්චිත නොවන අතර, RBA ආණ්ඩුකාර මිචෙල් බුලොක් ඇය සහ ඇගේ කාර්‍ර්ය මණ්ඩලය ඒ සම්බන්ධ නිශ්චිත පිළිතුරක් ලබා දී නැහෑ.
ඒ අනුව පොලී අනුපාතිකය වෙනස් වන්නේ කවදාදැයි දැනගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තෙන් සිටින අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 4න් එකක් වන පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව සදහන් කළේ 2025 පෙබරවාරි මාසයේ සංචිත බැංකුවේ පළමු රැස්වීමේදී මුදල් අනුපාතය සියයට 0.25 කින් ලිහිල් කරනු ඇති බවයි.
තවද ලබන වසරේ නත්තල් වන විට බැංකු පොලී අනුපාතිකය සියයට 3.35 දක්වා වැටෙනු ඇතැයි CBA සහ Westpac බැංකු සදහන් කර තිබෙනවා.
තවද NAB බැංකුව සදහන් කළේ ලබන වසරේ අවම වශයෙන් Cash Rate අගය 6 වරක් හෝ වෙනස් වන බවයි.