Search

පුහුණු ශ්‍රමිකයන් ලෙස වික්ටෝරියා හි රැකියා කරන්න ඕනම සහතිකය

වික්ටෝරියා හි නව කුසලතා සහිත ශ්‍රම බලකායක් ගොඩනැගීම සදහා ප්‍රාන්ත රාජ්‍ය විසින් සේවා රැසක් ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියාන රජය දැනටමත් ප්‍රාන්තය තුළ පුහුණු ශ්‍රම බලකාය ගොඩනැගීමේ විශාල ප්‍රගතියක් ලබා ඇති අතර, ආසන්න වශයෙන් වාර්තාගත වික්ටෝරියානුවන් සංඛ්‍යාවක් පුහුණු රැකියා වල නිරත වන බව සදහන්.

ප්‍රධාන ව්‍යාපෘති කුසලතා සහතිකය එනම්Major Projects Skills Guarantee (MPSG)
සහතිකය ආධුනික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

Major Projects Skills Guarantee (MPSG) සහතික පත්‍රය ඇති ඕනෑම වික්ටෝරියානුවෙක්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව හිමිවනවා.

විශේෂයෙන් ආධුනිකයින්ට, අභ්‍යාසලාභීන්ට සහ ශිෂ්‍යභටයින්ට් වික්ටෝරියා හි විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිවල වැඩ කිරීමට අවස්ථාව මේ හරහා හිමිවන බව සදහන්.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන වික්ටෝරියානුවන්ට රැකියා පුහුණුව ලබා ගැනීමට වැඩි අවස්ථාවන් ලබා ගැනීමට MPSG සහතික පත මගින් අවස්ථාව හිමිවනවා.

ලබන වසරේ එම වෘත්තීය පුහුණු සහතිකය ලබා ගැනීමට අදාළ තොරතුරු වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය උපදේශන මාධ්‍යයෙහි වෙනසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »