නිවසේදී සිදුවන දරු උපත් සඳහා රජයේ දීමනාවක් ලබා ගැනීමේ අවස්ථාව ක්වීන්ස්ලන්ඩ් කාන්තාවන්ටද උදාවී තිබෙනවා.
ඒ අනුව සෙසු ප්‍රාන්ත රැසක ගර්භණි කාන්තාවන්ට දැනටමත් හිමිවී ඇත මෙම වරප්‍රසාදය ඔවුන්ටද ලැබීමට නියමිතයි.
සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නිවෙස් තුළදී සිදුවන දරු උපත් සංඛ්‍යාව 2018 වසරේ සිට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
එහෙත් ඒ වෙනුවෙන් පුද්ගලික සාත්තු සේවිකාවකගේ සහය ගැනීම වෙනුවෙන් එක් කාන්තාවකට අවම වශයෙන් ඩොලර් 6,000 ක පමණ පිරිවැයක් වැයවනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදීමට නියමිත නව අවසරයත් සමග අඩු අවධානම් ගැබිණි කාන්තාවන්ට නිවසේදී සිය දෙවන දරු ප්‍රසූතිය සිදුකල හැකි අතර ඒ වෙනුවෙන් දීමනාවක්ද ලබාදීමට පියවර ගැනෙනු ඇති.