Search

හෙට පැය 12ක් මෙල්බන් පොදු ප්‍රවාහනය සේවා නොමිලේ

මෙල්බන් හි හෙට සවස 6 සිට ජනවාරි පළමුවනදා උදෑසන 6 දක්වා පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දෙන බව මෙල්බන් හි නගරාධිපති නිවේදනය කර තිබෙනවා.

හෙට රාත්‍රියේ සිට මෙල්බන් හි හැඩවන ගිණිකෙළි සන්දර්ශන නැරඹීම සදහා පුද්ගලයින් ලක්ෂ 5කට ආසන්න පිරිසක් CBD වෙත එනු ඇතැයි පුරෝකතනය කර තිබුණා.

මෙල්බන් නගරය හරහා විනෝද වන්නන්ය ආරක්ෂිත නගරයක අත්දැකීම ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ප්‍රජා ආරක්ෂණ අමාත්‍ය Anthony Carbines සදහන් කළේ.

විශේෂයෙන් මධ්‍යම රාත්‍රියේ ගිනිකෙළි සහ ලේසර් සංදර්ශනය රැසක් මෙල්බන්හි සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන් හි Celebration Zone කිහිපයක් මෙවරද නම් කර තිබීම විශේෂත්වයක්.

ඉන් පළමු තැනට නම් කර ඇත්තේ Docklands (ඩොක්ලන්ඩ්ස්) නගරය වන අතර දෙසැම්බර්  31 වනදා සවස 6 සිට ජනවාරි පළමුවනදා අලුයම 1 දක්වා විවිධ උත්සව එහිදි සංවිධානය කර තිබෙනවා.

මධ්‍යම රාත්‍රී 12ට නව අවුරුදු උදාවත් ආරම්භයේ සිය විනාඩි 8ක් වැනි කාලසීමාව තුළ එහි ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙන බව සදහන්.

මෙල්බන් නගරාධිපති Nicholas Reece සදහන් කළේ ජනතාව නව අවුරුදු උදාව සැමරීමට ලබා දී ඇති අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »