
Seroja සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ බටහිර ඔස්ටේ්‍රලියාවන් ගොඩබිමට ඇතුලුවනු ඇති බවට අනාවැකි පළවනවා.
වෙරළාසන්න Denham නගරයට එහි වැඩිම බලපෑම එල්ලවනු ඇතැයි සඳහන්.
පැයට කිලෝමීටර් 165 ක වේගයෙන් සුළං හමායන Seroja සුළි කුණාටුව හමුවේ දරුණු ජලගැලීම් තත්වයක් හටගන්නා බවටයි කාළගුණ අංශ අනතුරු අගවා සිටින්නේ.

හෙට (සඳුදා) පස්වරුව වනවිට Seroja සුළි කණාටුවේ ප්‍රබලත්වය දුර්වල වනු ඇති බවටද විශ්වාස කෙරේ.