Search

ශ්‍රී ලංකාවේ දී මිය ගිය ඔස්ට්‍රේලියානුවාගේ මරණය සැක සහිත බව ඥාතීන් කියයි

 

කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි හානි කරගත් පුවතක් පසුගිය 03වනදා වාර්තා වී තිබෙනවා.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවට ද නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පැවසුවා.

මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අදාල පුද්ගලයා එහි 7වන මහළින් බිමට පැනීමට උත්සහ දරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබු අතර ඒ අනුව පොලිස් නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු වැළැක්වීමට උත්සහ දරා තිබුණා.

කෙසේවෙතත් එහිදි ඔහු පොලිස් නිළධාරින්ට ද පහරදී ඉන් පැන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය සදහන් කළේ.

මියගිය විදෙස් ජාතිකයා රැදීසිටී ස්ථානයේ තිබූ දේපල වලටද ඔහු විසින් හානි සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබුණා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ පවුලේ උදවිය සදහන් කලේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා මෙම මරණයට කඩිනමින් සාධාරණයක් කරන ලෙසයි පවුලේ ඥාතීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ.

ඔවුන් පෙන්වා දුන්නේ තම සහෝදරයාට සියදිවි නසා ගැනීමට හේතුවක් නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »