මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
දකුණු කොරියාවේ නිරිත දෙසින් පිහිටි මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බවයි යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.
මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් හය දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ආපසු පියාසර කරමින් සිටියදී, ගොඩබෑමේදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.
මේ අතර පසුගිය දෙසැම්බර් 25 වන දින පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමට රුසියාව වගකිව යුතු බවට අමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කරන බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මෙම J2-8243 යානය අනතුරට ලක් වන විට එහි මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.