
පුද්ගලයන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බව දකුණු කොරියානු පුවත් ඒජන්සිය වාර්තා කරනවා. මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් පසු පුද්ගලයින් දෙදෙනෙක් ජීවතුන් අතර සිටින බව දැනට තගවුරු වී ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගිනි නිවන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට වාර්තා කර තිබෙනවා.
ගුවන් යානයේ පිටුපස ආසනවල සිටි පුද්ගලයින් බේරා ගැනීමට හදිසි සේවා කටයුතු සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
අනතුරට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.