Search

2025 මෙල්බන් හි නිවසක් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

2025 වසර වන විට මෙල්බන් සහ සිඩ්නි නගරවල නිවාස මිල තව දුරටත් පහත වැටීමට නියමිත බව නවතම SQM වාර්තාවට අනුව අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මධ්‍ය නිවාස මිල සියයට 1ත් 4ත් අතර අගයකින් ඉහළ යා හැකි බවයි  එම වාර්තාවේ දැක්වෙන්නේ.

2025 වසර වනවිට මෙල්බන් නගර කලාපයේ නිවාස මිල සියයට 5සිට සියයට 1ක් දක්වා පහත වැටෙන බව ද එහි සඳහන්.

2025 වසරේදී වැඩිම නිවාස මිල ඉහළ යාම වාර්තා වන්නේ පර්ත් නගර කලාපයේ වන අතර එම අගය සියයට 14ක සිට සියයට 19ක් දක්වා වර්ධනය විය හැකි බවයි වාර්තා වන්නේ.

බ්‍රිස්බන් හි නිවාස මිල සියයට 9 සිට සියයට 14ක් දක්වා ඉහළ යන අතර ඇඩිලේඩ් හි නිවාස මිල ද සියයට 8සිට සියයට 13ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

ඩර්වින් නිවාස මිලද 2025 වර්ෂයේදී සියයට 5සිට සියයට 8ක් දක්වා වර්ධනය වන පසුබිමක හෝබාර්ට් හි නිවාස මිල සියයට 3කින් අඩුවී නැවත සියයට 2කින් ඉහළ යනු  බවට ද අනාවැකි පලවී තිබෙනවා.

කැන්බරා අග නගර කලාපයේ නිවාස මිල ඉදිරි වසරේදී සියයට 6 සිට සියයට 2ක් දක්වා අඩුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »