Search

වික්ටෝරියා ලැව්ගිනි නිසා වූ විනාශයන් ගැන අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන් වනෝද්‍යානය කාලපයේ පැතිරී යන ලැව් ගිනි තත්වය හේතුවන් කලාපීය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

Black Summer ලැව් ගිනි තත්වයෙන් පසුව ඇතිවූ දරුණුතම ලැව් ගිනි තත්වය මෙය බවයි සැලකෙන්නේ.

මේ වනවිට ලැව් ගිනි තත්වය හේතුවෙන් හෙක්ටයාර් 74,000 කට වැඩි භූමි භාගයක් විනාශ වී ඇතැයි වාර්තා වනවා.

Forest Fire Management Victoria හි ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී Chris Hardman විසින් අවධාරණය කර ඇත්තේ ගිනි නිවන භටයන්ගේ උත්සහය හා කැපවීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල හානිදායක තත්වයන් වැළකී ගිය බවයි.

කෙසේ වෙතත් නිමාව දුටු බොක්සිං දිනයේ දී ගිනි තැබීම් තහනම් කර තිබිය දී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයන් හි Campfire සිදුවීම් 06 ක් පිළිබදව බලධාරීන් වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.

පවතින ලැව් ගිනි තත්වය හේතුවෙන් Moyston හි නිවාස 03 ක් විනාශ වී තිබෙන බවයි දැක්වෙන්නේ.

මේ වනවිට ග්‍රැම්පියන්ස් වනෝද්‍යාන කලාපයේ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය නැගෙනහිර දෙසට ගමන් කරන බවයි සදහන් වන්නේ.

ඒ හේතුවෙන් විලියම් කන්දේ පිහිටි සන්නිවේදන කුළුණකට ද බලපෑම් එල්ල වී තිබෙන බව ද සදහන්.

ලැව් ගින්නෙන් පීඩාවට පත් පුද්ගලයන් 163 දෙනෙකු පමණ මේ වනවිට Ararat සහ Stawell හි ස්ථාපිත කර ඇති ආධාර සහන මධ්‍යස්ථාන වෙත පැමිණ තිබෙන බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »