
අද සිට දින 4ක් එනම් ජනවාරි පළමුවනදා දක්වා වික්ටෝරියා හි පළමු වරට නීතිමය අවසරයක් සහිතව Pill testing අත්හදා බැලීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වික්ටෝරියා හි පැවැත්වෙන Beyond The Valley
සංගීත ප්‍රසංගය අතර තුරයි.
ඒ අනුව අද පස්වරු 1 සිට රාත්‍රී 7 දක්වා පෙති පරීක්ෂා කිරීමේ සේවාවන් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවන අතර සංගීත ප්‍රසංගය පැවැත්වෙන දින 4දීම එම සේවා නොමිලේම ක්‍රියාත්මක වනු ඇති.

Pill testing හරහා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය හානිය අවම කිරීමට අවස්ථාව හිමිවන අතර බොහෝ දෙනෙකුට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවස්ථාව උදා වන බවයි වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩබලන අමාත්‍ය මේරි-ඇන් තෝමස් සදහන් කළේ.
දිනකට ඖෂධ සාම්පල 200කට වැඩි ප්‍රමාණයක් පරීක්‍ෂා කිරීමට පෙති පරීක්‍ෂකවරු බලාපොරොත්තු වන බව සදහන් කර තිබෙනවා.

වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩබලන අමාත්‍ය මේරි-ඇන් තෝමස් පැවසුවේ මෙය සමාජ සත්කාරකයක් වන අතර තරුණ පිරිස් මත්පෙති ව්‍යසනයන්ගෙන් බේරා ගැනීමට ලැබෙන අවස්ථාවක් බව සදහන්.
මෙම pill testing හරහා වික්ටෝරියානුවන්ට ආරක්ෂිත සහ වඩා හොඳ දැනුවත්භාවයක් ලබාදීම මෙහිදි සිදුවන අතර තරුණ ප්‍රජාවට මේ පිළිබඳ අවදානය යොමු කරන ලෙසයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.