
ලොව ස්මාර්ට් ජංගම දුරකතනවලට වඩාත් වැඩි ඇබ්බැහි වීමක් සහිත පුද්ගල අනුපාතයක් ජීවත් වන රටවල් සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
World of Statistics විසින් සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාවට 12 වන ස්ථානය හිමිව ඇති බවයි එහි සදහන් ව ඇත්තේ.
ඒ අනුව ලොව ස්මාර්ට් ජංගම දුරකතනවලට වඩාත් වැඩි ඇබ්බැහි වීමක් සහිත පුද්ගල අනුපාතයක් ජීවත් වන රට බවට පත්ව ඇත්තේ චීනයයි.

එම රටවල් අතර දෙවන ස්ථනය සෞදි අරාබියට හිමිව තිබීම ද විශේෂත්වයක්.
මැලේසියාවට සහ බ්‍රසීලය ට මෙම ශ්‍රේණිගත කිරීමේ දී පිළිවෙලින් තෙවන සහ සිව් වන ස්ථානය හිමි වී තිබෙන බවයි දැක්වෙන්නේ.

ලැයිස්තුවේ පස්වන ස්ථානය දකුණු කොරියාවට ත් හය වන ස්ථානය ඉරානයටත් ලැබී තිබෙනවා.
මෙම රටවල් අතර කැනඩාව සහ තුර්කිය පිළිවෙලින් හත් වන ස්ථානය සහ අට වන ස්ථානය හිමි කරගෙන ඇතැයි එහි සදහන්.
මේ අතර මෙම ශ්‍රේණිගත කිරීමේ දී නව වන ස්ථානය නේපාලයටත් දස වන ස්ථානය ඉතාලියටත් හිමිව තිබීම ද කැපී පෙනෙනවා.