Search

තුන්වන දිනය අවසානයේ දී Boxing Day ටෙස්ට් තරගයේ නවතම තත්වය

Boxing Day ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (28) නිමාවට පත් වුණා.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 474 ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් දිනය නිමා කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 359 ක් රැස් කර ගෙන සිටිනවා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිතීෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී ලකුණු 105 ක් රැස් කරගෙන සිටීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා ලකුණු 116 ක් පසු පසින් සිටිනවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක පැට් කමින්ස් සහ ස්කොට් බෝලන්ඩ් කඩුලු තුන බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

දඟ පන්දු යවන ක්‍රීඩක Nathan Lyon ද ඉන්දීය ඉනිමේ කඩුලු දෙකක් බිද හෙළීමට සමත්කම් දැක්වූවා.

හෙට දිනය තරගයේ තීරණාත්මක දිනයක් වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »