Search

ඉවතලන දෑ වලින් අවශ්‍යතා සපුරා ගන්නා සිඩ්නි තරුණයා

ඉවතලන අපද්‍රව්‍ය අතර පවතින වටිනා දෑ සොයා යන පුද්ගලයෙකු පිළිබදව තොරතුරු සිඩ්නි හීදී වාර්තා වනවා.

30 හැවිරිදි වියේ පසුවන ලියනාඩෝ උර්බානෝ වන මොහු ඩොලර් දහස් ගණනක් වටිනා කලා නිර්මාණ, පරිගණක, අයිෆෝන්, ලොතරැයි ටිකට් සහ මුදල් ඇතුලු වටිනා භාණ්ඩ සිඩ්නි හි කුණු කූඩවලින් සොයා ගන්නා බවයි දැක්වෙන්නේ.

එලෙස කුණු කූඩවල තිබී හමුවන වටිනා භාණ්ඩ අලුත්වැඩියා කර පසුකාලීනව ලියනාඩෝ විසින් අලෙවි කිරීම ද විශේෂත්වයක්.

ඒ හරහා ලැබෙන මුදල් ඔහු විසින් කුලී වියදම් ආවරණය කර ගැනීම සදහා යොදා ගන්නා බවයි පැවසෙන්නේ.

මේ අතර කුණු කූඩවල තිබී හමුවන ප්‍රයෝජනවත් භාණ්ඩ ලියනාඩෝ තම නිවසේ භාවිතය සදහා ද යොදා ගෙන තිබීම ද කැපී පෙනෙනවා.

මිනිසුන් තමන් ඉවත දමන දෑ හොදින් පරීක්ෂා නොකරන බවයි ලියනාඩෝ උර්බානෝ විසින් ප්‍රකාශ කර ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »