Search

වාර්තා අලුත් කළ Boxing Day Test තෙවන දිනය

Boxing Day ටෙස්ට් තරගයේ තෙවන දිනය සජීවීව නැරඹීම සදහා වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අද (28) MCG වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව 77,418 ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් අද (28) MCG වෙත පැමිණ තිබීම ද විශේෂත්වයක්.

මේ අතර Boxing Day ටෙස්ට් තරගයේ පළමු දින තුනේ දී පමණක් ප්‍රේක්ෂකයන් 249,807 දෙනෙකු තරගය සජීවීව නැරඹීම සදහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පසුබිමක් තුළ තරගයේ ඉදිරි දින දෙකේ ප්‍රේක්ෂක සහභාගීත්වයත් සමග මෙවර Boxing Day තරගය MCG හි වාර්තා අලුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව 1936 – 37 කාලසිමාවට අයත් MCG ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධ වාර්තාවක් මෙවර Boxing Day ටෙස්ට් තරගයේ දී අලුත් වනු ඇති බවට බොහෝ දෙනා විසින් මත පල කර තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »