
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් කලාපය තුළ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වී තිබෙනවා.
මේ හේතුවෙන් කලාපීය ජන ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මේ වනවිට එම ලැව් ගිනි හේතුවෙන් ග්‍රැම්පියන්ස් කලාපය තුළ හෙක්ටයාර් 74,000 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි දැක්වෙන්නේ.
වනෝද්‍යානය තුළ පාලනය කළ නොහැකි ලැව්ගිනි දිගටම ඇවිලෙමින් පවතින බැවින් අවම වශයෙන් එක් නිවසක් ගින්නෙන් විනාශ වී ඇති බව සදහන්.

හෙක්ටයාර 74,000 ක් මේ වන විට විනාශ වී ඇති අතර එය දළ වශයෙන් මෙම හානිය සිංගප්පූරුවේ භූමි ප්‍රමාණයටම සමාන වන බවද සදහන්.
ඉදිරි සති කිහිපය තුළ මෙම අවදානම තවත් ව්‍යාප්ත වනු ඇතැයි සදහන් වනවා.

මේ හේතුවෙන් කලාපයේ පශු සම්පත්වලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන භට කණ්ඩායම්වලට අද දිනය වඩාත් අභියෝගාත්මක විය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.
ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යාන භූමියේ මේ වනවිට ගිනි නිවන භටයින් 600 ක් පමණ රැදී සිටින බවයි සදහන් වන්නේ.