
වික්ටෝරියා හි පළමු වරට නීතිමය අවසරයක් සහිතව Pill testing අත්හදා බැලීම මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිතයි.
ඒ වික්ටෝරියා හි පැවැත්වෙන Beyond The Valley සංගීත ප්‍රසංගය අතර තුරයි.
දින හතරක සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතර සෑම දිනකම පස්වරු 1 සිට රාත්‍රී 7 දක්වා පෙති පරීක්ෂා කිරීමේ සේවාවන් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවනවා.

හෙට සිට ජනවාරි 1 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක වන අතර දිනකට ඖෂධ සාම්පල 200කට වැඩි ප්‍රමාණයක් පරීක්‍ෂා කිරීමට පෙති පරීක්‍ෂකවරු බලාපොරොත්තු වන බව සදහන්.
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩබලන අමාත්‍ය මේරි-ඇන් තෝමස් පැවසුවේ මෙය සමාක සත්කාරකයක් වන අතර තරුණ පිරිස් ව්‍යසනයන්ගෙන් බේරා ගැනීමට ලැබෙන අවස්ථාවක් බවයි.

Pill testing හරහා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය හානිය අවම කිරීමට අවස්ථාව හිමිවන අතර බොහෝ දෙනෙකුට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවස්ථාව උදා වන බවයි වැඩ බලන අමාත්‍යවරිය සදහන් කළේ.
වික්ටෝරියානුවන්ට ආරක්ෂිත සහ වඩා හොඳ දැනුවත්භාවයක් ලබාදීම මෙහිදි සිදුවනු ඇති.