Search

අදත් ඔස්ට්‍රේලියා මුල් පිටුවට ආ කෝලිගේ “KARMA”

Boxing Day ටෙස්ට් තරගයේ පළමු දින දෙකේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ගේ නොමනා හැසිරීම කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

බොක්සිං ඩේ ටෙස්ට් තරගයේ 2 වන දිනය අතරතුරදී කෝලී ලකුණු 36කට දැවී යෑම කාගේත් අවදානයට ලක්වුණා.

කෝලී දැවී යෑමේන් පසු dressing room වෙත යෑමේ දී ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට විවේචන එල්ල වී තිබෙනවා.

එම අවස්ථාවේ දී ආවේගි ස්වරූපයක් පෙන්වූ කෝලී ප්‍රේක්ෂකාගාරය සමග කෝපවී ඊය ප්‍රතිචාර දැක්වීමට ගියද පුහුණුකරුවෙකු විසින් ඔහු සන්සුන් කර පිටතට රැගෙන ගිය බව සදහන්.

බොක්සිං දින පළමු දිනයේ දීම ඔස්ට්‍රේලියාවේ ලාබාලතම පිතිකරු සෑම් කොන්ස්ටස් සමඟ ඇතිවූ සිදුවීම හේතුවෙන් ද කෝලි ගැන බොහෝ ක්‍රීඩා ලෝලින් කතා බහට ලක් කලා.

මේ අතර අද උදෑසන පල වූ ඔස්ට්‍රේලියා පුවත්පත් කිහිපයකම විරාට් කෝලිගේ මෙම නුසුදුසු හැසිරීම දැඩි ලෙස විවේචනය කර තිබුණා.

ඒ අනුව “The West Australian” පුවත් පත විසින් හිටපු ඉන්දීය නායකයා සම්බන්ධ පුවත  “Karma” ලෙස හදුන්වා දී තිබීම කැපී පෙනෙනවා.

විරාට් කෝලිගේ මෙම හැසිරීම කෙරෙහි ක්‍රිකට් ප්‍රවීණයන් විසින් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් විස්තර කරමින් ඔහුගේ මෙම ක්‍රියා කලාපය පුවත්පත විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.

දින දෙකේ දීම විරාට් කෝලි එම අවස්ථාවේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණු බව ද වැඩිදුරටත් සදහන්.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »