Search

මෙල්බන් ඔබටත් මත්පැන් බලපත්‍රයක් අවශ්‍ය ද? එසේ නම් කළ යුතු දේ මෙන්න

මෙල්බන් හි ජීවත්වන ඔබට මත්පැන් අළෙවි බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් කළ යුතු ක්‍රියාමාර්ගය ගැන දැනුවත් කිරීමක් City of Melbourne වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

ඒ අනුව අවශ්‍යතා ඇති ඕනෑම පුද්ගලයෙක්ට අවශ්‍ය නිර්නායක සපුරා ඇත්නම් මෙල්බන් හි මත්පැන් අළෙවි බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එවිට මෙල්බන් හි මත්පැන් අළෙවි බලපත්‍රලාභීන්ගේ සංසදයේ සාමාජිකයෙකු වීමෙන් ඔබට අවස්ථාව හිමිවනවා.

මත්පැන් බලපත්‍ර ලාභියෙකුට මෙල්බන් හි හිමිවන වරප්‍රසාද ද ඉහළ වන අතර බලපත්‍රලාභීන්ගේ සංසදය සෑම මාස තුනකට වරක් විවිධ ස්ථානවල රැස්වෙනු ලබනවා.

රැස්වීම් පවත්වනු ලබන්නේ බලපත්‍රලාභීන් විසින් වන අතර ස්ථාන ආරක්ෂාව, හදිසි කළමනාකරණය, අනුග්‍රාහකත්වය, මත්පැන් පිළිබඳ වගකීම් සහිත සේවාව, කර්මාන්ත ප්‍රවණතා සහ නියාමන යාවත්කාලීන කිරීම් වැනි විවිධ මාතෘකා එහිදි ආවරණය වනු ඇති.

Melbourne බලපත්‍රලාභීන්ගේ සංසදය වික්ටෝරියා හි විශාලතම මත්පැන් සංසදය වන අතර වසර 25 කටවඩා පැරණි බව සදහන්.

මත්පැන් වෙළදාම පහසු කාර්යයක් නොවන අතර ඒ සදහා පුහුණුවෙන් පසු පළපුරුද්ද ලබා දීමටද කටයුතු කරන බව සදහන්.

ඒ අනුව සෑම විටම උසස් තත්වයේ ප්‍රමිතිගත සේවාවක් ලබා දීම මෙහි අරමුණ වන අතර පහත Link ඒක වෙත ප්‍රවේශ වීමෙන් ඒ සදහා ලියාපදිංචි විය හැකියි.

https://www.melbourne.vic.gov.au/licensed-venues

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »