උත්සව සමයේ ක්වීන්ස්ලන්ඩ් හි නවතම COVID ප්‍රබේදයක් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ක්වින්ස්ලන්ඩ් හි නව COVID ප්‍රභේදය වැළඳෙන සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රෝහල් ගත කරන බවටයි වාර්තා වන්නේ.
උත්සව සමය තුළ ක්වින්ස්ලන්ඩ් හි Covid වැළද රෝහල්ගතවීම් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය හෙයිඩි කැරොල් සදහන් කලේ මෙම තත්වය අවදානම් මට්ටමකට පැමිණ ඇති බවයි.
දෙසැම්බර් මස සෑම දිනකම සාමාන්‍යයෙන් ක්වීන්ස්ලන්ඩ් වැසියන් 258 දෙනෙකු Covid රෝගින් ලෙස හදුනාගන්නා බව සදහන්.
මෙම මස එය සති දෙකකට අඩු කාලයක් තුළ රෝහල් ඇතුළත් වීම් සියයට 128 කින් වැඩිවී ඇති බව වාර්තා වනවා.
පසුගිය දෙසතිය තුළ, සන්ෂයින් ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 44ක් XEC නම් නව කොවිඩ් ප්‍රභේදය වැළද ඇති බව සදහන්.
වෛද්‍ය කැරොල් පැවසුවේ මෙම රෝහල්ගතවීම් අතර වැඩිදෙනෙක් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් වන අතර ඔවුන් බූස්ටර එන්නත් නොගත් පුද්ගලයින් බව අනාවරණය වනවා.
මෙම නිවාඩු සමයේ Covid ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළ යනු ඇති අතර ජනතාව හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.