පසුගිය ග්‍රීෂ්ම ඍතුවට සාපේක්ෂව මෙවර දියේ ගිලී මියයාමේ ප්‍රමාණය සියයට 10කින් ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.
මුහුදු වෙරළේ ආරක්ෂාව සම්බන්ධ අධ්‍යාපනය විධිමත් කිරීම මගින් දියේ ගිලී මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි සර්ෆ් ලයිෆ් සේවින්ග් ඔස්ට්‍රේලියා (Surf Lifesaving Australia) බලාපොරොත්තු වන්නේ.
ජල ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙවර දියේ ගිලී මිය යාමේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූ කරුණු අතර දුර්වල පිහිනුම් හැකියාව හේතුවූ බවයි.
මෙම වසරේ ගතවූ මාස 12 තුළ දියේ ගිළීමෙන් පුද්ගලයින් 323ක් මියගොස් තිබෙනවා.
මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ තීරයේ සිදු වූ අතර දියේ ගිලීම් වැඩි ප්‍රමානයක් සිදුව ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ගේ මුර සංචාර සිදුවන කලාපවලින් පිටත ප්‍රදේශවලදී යි.
එනම් අනෙකුත් දියේ ගිලී මියයෑම් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවී ඇති අතර දුරස්ථ ප්‍රදේශවල ඉක්මනින් උපකාර ලබාගැනීමට බොහෝ අපහසුතා පවතින ප්‍රදේශවල බව සඳහන්.
සර්ෆ් ලයිෆ් සේවිං ඔස්ට්‍රේලියා විසින් නිකුත් කරන ලද දියේ ගිලීම් වාර්තාවට අනුව, මරණවලින් වැඩි ප්‍රමාණයක් උත්සව සමය මුල්කරගෙන වන විනෝද ගමන් අතර තුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම මරණ වලින් සියයට 28ක් අවුරුදු 65ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 15ට අඩු දරුවන් දියේ ගිලී මියයෑමේ සියයට 25කින් ඉහළ ගොස් ඇති බව සදහන්.
නාන තටාක ආශ්‍රිත දියේ ගිලීම් සංඛ්‍යාව සියයට 11ක් බව සදහන් වනවා.