බොහෝ දෙනාගේ අවධානයක් හිමි ව තිබෙන දෙසැම්බර් 31 වනදා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල කාලගුණික තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව එදින වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් වෙත සුළං සහිත උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරෙනවා.
කෙසේ වෙතත් එදින මෙල්බන් හි පැහැදිලි අහසක් දැකගත හැකි බවයි අනුමාන කෙරෙන්නේ.
දෙසැම්බර් 31 වන දා මෙල්බන් හි උෂ්ණත්වයේ ඉහළම අගය සෙල්සියස් අංශක 24 ක් ලෙස සටහන් විය හැකි අතර එහි අවම අගය සෙල්සියස් අංශක 13 ක් පමණ විය හැකියි.
එදින ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බ්‍රිස්බන් වෙත සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
බ්‍රිස්බන් අහසේ එදින වළාකුළු වැඩි වශයෙන් පැවතිය හැකි අතරම Humidity අගය 87% ක් බවයි පැවසෙන්නේ.
නව වසර උදාව නැරඹීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි වෙත දෙසැම්බර් 31 වනදා පස්වරුවේ වැසි ඇතිවීමේ අවදානමක් පවතින බවටයි කාලගුණ අනාවැකි හරහා පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් එම වැසි තත්වය නව වසර උදාව සනිටුහන් කරන Fireworks දල්වන කාල සීමාවට පෙර දී පහව යනු ඇතැයි අනුමාන කෙරෙනවා.
එදින සිඩ්නි නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ විය හැකි අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ක් ලෙස සටහන් විය හැකියි.
එමෙන්ම එදින Humidity අගය ද 63% ක් පමණ විය හැකි යැයි අනුමාන කරනවා.
මේ අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් වෙත දෙසැම්බර් 31 වන දා උණුසුම් කාලගුණයක් පවතින බවටයි අනාවැකි පල කෙරෙන්නේ.
මෙවැනි පසුබිමක් තුළ එදින බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් වෙත සෙල්සියස් අංශක 33 ක උපරිම උෂ්ණත්වයක් පැවතිය හැකි වනවා.
නව අවුරුදු උදාව සනිටුහන් වන විට ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් හි කාලගුණය ද ප්‍රශස්ත මට්ටක පවතින බවටයි පුරෝකතනය කෙරෙන්නේ.
කෙසේ වෙතත් Nothern Territory හි ඩර්වින් වෙත දෙසැම්බර් 31 වනදා සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බවටයි කාලගුණ අනාවැකි ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.