Search

වැඩියෙන් ලොතරැයි දිනන්න නම් මෙල්බන් එන්නම වෙයි

ඔස්ට්‍රේලියාව තුළ ලොතරැයි ජයග්‍රහණ වැඩි වශයෙන් හිමි වී තිබෙන කලාප සම්බන්ධව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

මෙම වසරේදී පමණක් ඔස්ට්‍රේලියාව පුරා පළමු කොටසේ (Division 01) ජයග්‍රහණ හිමි වූ ලොතරැයි පත් 473 ක් පමණ අලෙවි කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව ඩොලර් බිලියන 1.58 කට වැඩි ත්‍යාග මුදලක් ඒ හරහා ජයග්‍රාහකයන් විසින් දිනාගෙන තිබෙන බවයි එම දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ.

මෙම වසරේ දී මෙල්බන් හි CBD කලාපය තුළ පළමු කොටසේ (Division 01) ලොතරැයි ජයග්‍රාහකයන් 05 දෙනෙකු බිහිවී තිබීම ද විශේෂත්වයක්.

මේ අතර සිඩ්නි හි CDB කලාපය තුළ ද පළමු කොටසේ (Division 01) ලොතරැයි ජයග්‍රහණ 04 ක් හිමි වී තිබෙන බවයි එම දත්ත වාර්තා හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Cairns සහ Earlville හි පළමු කොටසේ ලොතරැයි ජයග්‍රාහකයින් සිව් දෙනෙකු බිහිවී තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Morley වෙත ද පළමු කොටසේ (Division 01) ජයග්‍රහණ තුනක් පමණ හිමි ව තිබෙන බවයි වාර්තා වන්නේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Salisbury සහ Salisbury Down වෙතින් ද පළමු කොටසේ ලොතරැයි ජයග්‍රාහකයන් දෙදෙනෙකු හමුවී තිබෙන බවයි පැවසෙන්නේ.

මෙවැනි පසුබිමක් තුළ ACT හි Mitchell වෙත ප්‍රාන්තයේ විශාලතම පළමු කොටසේ ලොතරැයි ජයග්‍රහණය හිමිව තිබෙනවා.

එමෙන්ම Nothern Territory හි Leanyer ප්‍රදේශයට ද පළමු කොටසේ විශාලතම ලොතරැයි ජයග්‍රහණයක් ලැබී තිබෙන බව ද සදහන්.

මීට අමතරව ටස්මේනියා ප්‍රාන්තයේ Lindisfarne ප්‍රදේශයෙන් ද 2024 වසරේ පළමු කොටසේ ලොතරැයි ජයග්‍රාහයකු බිහි වී තිබෙන බවයි එම දත්ත වාර්තාවන් ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »