Search

ට්‍රම්ප් වැඩ භාරගන්න පෙර ජාත්‍යන්තර සිසුන්ට දැනුම් දීමක්

 

ජනවාරි 20 වන දින ජනාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවයට පෙර, ශීත නිවාඩුවෙන් පසු ඉක්මනින් ආපසු තම විශ්වවිද්‍යාලවලට පැමිණෙන ලෙස සමහර පාසල් ජාත්‍යන්තර සිසුන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ බොහෝ එක්සත් ජනපද විද්‍යාල මණ්ඩප පුරා භීතිය සහ අවිනිශ්චිතභාවය පැතිර යමින් පවතින හෙයින් බව සදහන්.

ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය ආරම්භයේදී විදේශයන්හි සිසුන් අතරමං කළ ආකාරයේ තවත් සංචාරක තහනමක් පිළිබඳ ආරංචි පැතිර යමින් පවති බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

2023-24 අධ්‍යයන වර්ෂය තුළ අමෙරිකා එක්සත් ජනපද විද්‍යාල සහ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1 කට වඩා සිටින බව සඳහන්.

නමුත් හිටපු ජනාධිපතිවරයා ධවල මන්දිරයට නැවත පැමිණෙන විට වඩාත් දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට දැනටමත් පොරොන්දු වී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටවල පුද්ගලයින් සඳහා ඔහුගේ පෙර සංචාරක තහනම පුළුල් කිරීම සහ රැඩිකල් ඇමරිකානු විරෝධී සහ යුදෙව් විරෝධී විදේශිකයන්ගේ ශිෂ්‍ය වීසා අවලංගු කිරීම ද ඊට ඇතුළත්.

මේ නිසා ශීත නිවාඩුවට විශ්වවිද්‍යාවලින් පිටත් වූ ජාත්‍යන්තර සිසුන් ට්‍රම්ප් නැවත රාජකාරී ආරම්භ කිරීමට පෙර තම අධ්‍යාපන ආයතන වෙත පැමිණිය යුතු බවටයි අදාල අධ්‍යාපන ආයතන උපදෙස් ලබා දී ඇත්තේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »