
Boxing Day ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ගේ නොමනා හැසිරීම කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ඒ නවක පිතිකරු සෑම් කොන්ස්ටස් සමඟ ඇතිවූ සිදුවීම හේතුවෙන් බවයි දැක්වෙන්නේ.
එහිදී විරාට් කෝලිගේ හැසිරීම මුල් කරගෙන ඊයේ (26) ඔහුගේ තරග ගාස්තුවෙන් 20% ක් දඩ මුදල් ලෙස අයකර ගැනීමට සහ Demerit Point එකක් ලබා දීමටයි පියවර ගෙන තිබුණේ.

මේ අතර අද උදෑසන පල වූ ඔස්ට්‍රේලියා පුවත්පත් කිහිපයකම විරාට් කෝලිගේ මෙම නුසුදුසු හැසිරීම දැඩි ලෙස විවේචනය කර තිබුණා.
ඒ අනුව “The West Australian” පුවත් පත විසින් හිටපු ඉන්දීය නායකයා ව “Clown Kholi” ලෙස හදුන්වා තිබීම ද කැපී පෙනෙනවා.

විරාට් කෝලිගේ මෙම හැසිරීම කෙරෙහි ක්‍රිකට් ප්‍රවීණයන් විසින් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් විස්තර කරමින් ඔහුගේ මෙම ක්‍රියා කලාපය පුවත්පත විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඊයේ (26) දිනයේ සිටම විරාට් කෝලි එම අවස්ථාවේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබුණු බව ද වැඩිදුරටත් සදහන්.