
බොක්සිං දිනයේ දී පැවති Powerball ලොතරැයි දිනුම් ඇදීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමුව තිබෙනවා.
එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 12 ක් බවයි දැක්වෙන්නේ.
එම දිනුම් ඇදීමෙන් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු දෙවන කොටසේ දී (Division 2) ඩොලර් 200,000 බැගින් ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයක්.

මෙහි තුන්වන කොටසේ (Division 3) ජයග්‍රාහකයින් 52 ක් බිහිවී ඇති අතර එහිදී එක් අයෙකු ඩොලර් 9,307.55 බැගින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම සතියේ කිසිදු පුද්ගලයෙකු Powerball සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කර නැහැ.

ඒ අනුව ඉදිරි සතියේ Powerball සුපිරි ත්‍යාගය ඩොලර් මිලියන 20 ක් දක්වා ඉහළ යනු ඇතැයි වැඩිදුරටත් සදහන්.