වික්ටෝරියා ලිබරල් පක්ෂ නව නායකයා ලෙස Brad Battin අද පත්කර තිබෙනවා.
ඒ මෙතෙක් එම තනතුර දැරූ John Pesutto ඉවත් කිරීමත් සමගයි.
අද පැවති මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී බ්‍රැඩ් බැටින් ගැන වැඩි දෙනාගේ විශ්වාසය මත ඔහුට එම තනතුර හිමිවූ බවයි වාර්තා වන්නේ. පක්ෂ ඡන්ද විමසීමක දී මෙම පත්කිරීම සිදුකර තිබුණා. ඡන්ද විමසීමෙන් පසු බැටින් සදහන් කළේ පක්ෂයක් ලෙස සියලු දෙනා එකමුතුව කටයුතු කිරීමට සුදානම් විය යුතු බවයි.
හිටපු ටෙනිස් ක්‍රීඩක සෑම් ග්‍රෝත් නියෝජ්‍ය නායකයා ලෙස නිතරගයෙන් තේරී පත් වුණා.