Search

ඔස්ට්‍රේලියා Supermarket වල වැඩි මිලට අලෙවි වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ජීවන වියදම් අර්බුද මධ්‍යයේ වැඩිම මිලට භාණ්ඩ අළෙවි කරන ඔස්ට්‍රේලියා සුපිරි වෙළඳසැල් සම්බන්ධයෙන් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

නව දත්ත අනුව Boxing day හි වට්ටම් සහ මිළ ගණන් අඩුවීමක් සිදුකෙරුණ ද  පාරිභෝගිකයින් තම එදිනෙදා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑම සමඟ පොරබදමින් සිටින බවයි හදුනාගෙන ඇත්තේ.

කැන්බරා පාර්ලිමේන්තු පුස්තකාල පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ වසර දෙකක කාලය තුළ සුපිරි වෙළදසැල් හි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.

එළෙස වැඩි මිළට අලෙවි වූ භාණ්ඩ අතර බිත්තර සියයට 28.6 කින් ද පාන් ගෙඩියක් සියයට 22.7 කින් ඉහළ ගොස් තිබෙනවා.

කිරි ආශ්‍රිත නිශ්පාදන සහ  චීස්වල මිල සියයට 20කින්  ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවද නැවුම් පලතුරු මිල සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති අතර, ධාන්‍ය වර්ග ද සියයට 20.2 කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

නමුත් බැටළු මස් සහ හරක් මස් යන දෙකම සියයට හයකින් පහත වැටීමද විශේෂත්වයක්.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »