වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් කලාපය තුළ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය හේතුවෙන් කලාපීය ජන ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
මේ වනවිට එම ලැව් ගිනි තත්වය හේතුවෙන් ග්‍රැම්පියන්ස් කලාපය තුළ හෙක්ටයාර් 55,000 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි දැක්වෙන්නේ.
මේ හේතුවෙන් කලාපයේ පශු සම්පත්වලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන භට කණ්ඩායම්වලට අද (27) දිනය අභියෝගාත්මක විය හැකි බවට අපේක්ෂා කෙරෙනවා.
ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යාන භූමියේ මේ වනවිට ගිනි නිවන භටයින් 600 ක් පමණ රැදී සිටින බවයි සදහන් වන්නේ.
මේ අතර අන්තර් ප්‍රාන්ත ගිනි නිවන භටයින් 100 දෙනෙකු පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවී ඇති ලැව් ගිනි තත්වයන් පාලනය කිරීමට යොදවා තිබීම ද විශේෂත්වයක්.
මෙවැනි පසුබිමක් තුළ ග්‍රැම්පියන්ස් කලාපය අවට පිහිටා තිබෙන Willaura ඇතුළු කුඩා ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්වන ලෙසට බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.