Search

ලොව පිළිකා රෝගීන් වැඩිම රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත්

ලොව වැඩිම පිළිකා රෝගීන් සිටින රටවල් පිළිබදව ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.

World of Statistics විසින් සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේදී පුද්ගලයන් 100,000 කට සිටිම පිළිකා රෝගීන් ගණන සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලියාවට 7 වන ස්ථානය හිමිව තිබීම ද කැපී පෙනෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 100,000 කට පිළිකා රෝගීන් 312 කට පිළිකා රෝගීන් 312 ක් සිටින බවයි මේ හරහා පෙන්නුම් කෙරෙන්නේ.

මෙහිදී ලොව වැඩිම පිළිකා රෝගීන් සහිත රට බවට ඩෙන්මාර්කය පත්ව ඇති අතර ඩෙන්මාර්ක් ජාතිකයන් 100,000 කගෙන් පුද්ගලයන් 335 ක් පිළිකා රෝගීන් බවයි මෙම ශ්‍රේණිගත කිරීම හරහා අනාවරණය වී ඇත්තේ.

එම රටවල් අතර අයර්ලන්තයට දෙවන ස්ථානය හිමි වී තිබෙන පසුබිමක අයර්ලන්ත ජාතිකයන් 100,000 කින් 326 දෙනෙකුට පිළිකා රෝගවලට ගොදුරු වී ඇතැයි සදහන්.

බෙල්ජියම වෙත මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමි වෙද්දී බෙල්ජියම් ජාතිකයන් 100,000 කගෙන් 321 දෙනෙකු පිළිකා රෝගීන් බවද මේ හරහා හදුනාගෙන තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »