
2025 නව වසර උදාව සජීවිව සැමරීම සදහා ලොව හොදම නගර අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.
CN Traveller විසින් සිදුකළ නවතම අධ්‍යනයකට අනුව ලොව පුරා වෙසෙන සංචාරක ප්‍රතිචාර දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබුණා.
ඒ අනුව 2025 වසරේ නව අවුරුදු උදාව සජීවිව සැමරීම සදහා සුදුසුම නගරය ලෙස නම් කර ඇත්තේ තායිලන්තයේ Phuket වන අතර දෙවන ස්ථානයට නම් කර ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නගරයයි.

එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර ඇති අතර සිඩ්නි ඔපෙරා හවුස් සහ වරාය පාලම අවට සෑම වසරකම අලුත් අවුරුදු උදාව වඩාත් උත්කර්ෂවත් ගිණිකෙලි සංදර්ශනයන්ගෙන් සමන්විත වීම නිසා ලොව පුරා සංචාරකයි සිඩ්නි තෝරාගැනීම විශේෂත්වයක්.
එම ශ්‍රේණිගත කිරීමේ 4වන ස්ථානය දකුණු අප්‍රිකාවේ Cape Town වන අතර පිළිවෙලින් පහ සහ හය පෘතුගාලයේ Lisbon සහ ප්‍රංශයේ පැරිස් හිමිකරගෙන තිබෙනවා.

තවද ස්විට්සර්ලන්තයේ St. Moritz, ස්කොට්ලන්තයේ Edinburgh , බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ එ අතරට ඇතුලත්ව තිබීමද විශේෂත්වයක්.
එම ශ්‍රේණිගත කිරීමේ 19 වන ස්ථානයට ඉන්දියාවේ Goa නම් කර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ ඇති එකම දකුණු ආසියාතික රට ද ඉන්දියාව පමණයි.