Search

වාර්තා අලුත් කරමින් පළමු දින MCG වෙත විශාල ජනකායක්

අද  (26) ආරම්භ වූ Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සදහා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (MCG) වෙත වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ අනුව Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සදහා පළමු දිනයේදී 87,242 ක වාර්තාගත ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන බවයි පෙන්නුම් කෙරෙන්නේ.

මෙය ඔස්ට්‍රේලියාවේ දී පැවති ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයක් නැරඹීම සදහා එක් දිනක දී පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.

MCG හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටුවර්ඩ් ෆොක්ස් විසින් අපේක්ෂා කළ පරිදිම මෙවර Boxing Day ටෙස්ට් තරගයේ පළමු දිනය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් පැවතීම ද කැපී පෙනෙනවා.