ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට දඩ නියම කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අද (26) උදෑසන ආරම්භ වූ Boxing Day ටෙස්ට් තරගයේ දී ඔහු සහ නවක පිතිකරු සෑම් කොන්ස්ටස් අතර ඇතිවූ සිදුවීම මුල් කරගෙනයි.
මෙම සිදුවීම කෙරෙහි සමාජ මාධ්‍ය ජාලාවල විශාල කතාබහක් නිර්මාණය වී තිබීම ද කැපී පෙනෙනවා.
ඒ අනුව විරාට් කෝලිගේ තරග ගාස්තුවෙන් 20% ක මුදලක් දඩ මුදල් ලෙස ගෙවීමට සිදු වන බවයි දැක්වෙන්නේ.
එමෙන්ම ඔහුට Demerit Point එකක් ද ලබාදීමට ද මෙහිදී පියවර ගෙන තිබෙන බව ද සදහන්.
අදාළ සිදුවීමේ දී විරාට් කෝලිගේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ දැඩ් විවේචනයට ලක්ව තිබීම ද කැපී පෙනෙනවා.