![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
නත්තල් දිනයේ දී පියාසර කරමින් තිබූ Qantas ගුවන් යානයක් ගමනාන්තය වෙත නොගොස් ආපහු හරවා පැමිණ තිබෙනවා.
මෙලෙස නැවත හරවාගෙන පැමිණ ඇත්තේ සිඩ්නි සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් බලා පියාසර කරමින් තිබූ QF63 දරන Airbus A380 වර්ගයේ ගුවන් යානයක් බවයි දැක්වෙන්නේ.
යානය බදාදා පෙරවරු 10.00 පසුවී මද වේලාවකින් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට පිටත් වී තිබුණු අතර එම යානය එදින සවස 3.00 ට පමණ දකුණු අප්‍රිකාවේ අගනුවර වෙත පැමිණීමට නියමිතව තිබුණි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
කෙසේ වෙතත් යානය ඇන්ටාක්ටිකාවට ඉහළින් පියාසර කරමින් තිබිය දී හදුනා නොගත් කාර්මික දෝෂයක් හේතුවෙන් රාත්‍රී 7.30 ට පමණ නැවත සිඩ්නි වෙත හරවා පැමිණීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් Qantas සමාගම විසින් මේ වනවිට විමර්ශනයක් සිදු කරමින් පවතින බව ද සදහන්.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
අදාළ සිදුවීම හේතුවෙන් ඊයේ (25) සිට අද (26) දක්වා අගතියට පත් මගීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට සමාගම විසින් පියවර ගෙන තිබෙන බවයි සමාගමේ ප්‍රකාශකයෙකු විසින් වැඩිදුරටත් අවාධාරණය කර ඇත්තේ.