Search

නත්තලට පසු ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 26) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 189 යි ශත 24 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 179 යි ශත 65 ක් ලෙසයි.

ඒ අනුව දෙසැම්බර් 26 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299යි ශත 52 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 290 යි ශත 71 ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 187 ක් වු අතර මේ වන විට සුළු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 313.35 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 300.64 ක් ලෙසයි.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »